Tuesday, December 7, 2010

ඇත්තටම මට කියන්න ඒ සඳ ලස්සනයිද....?

ආදරය...... නිර්වචනය කල හැකිද......?
විටෙක සොඳුරු වන විටෙක රුදුරු වන තව විටෙක හැඟීම්බර වෙන ආදරය විටෙක  පරිත්‍යාගශීලී වෙයි... අනෙකා වෙනුවෙන් තම ආදරය වුවද පුද දිය හැකි වූවෝ අප අතර අදත් සිටිති...


පාසල් වියේ බැඳෙන ඒ සොඳුරු ආදරයත් සමගම ඇයට සරසවිය හිමි වුවද ඔහුට අහිමිය... සුන්දර හන්තාන පාමුල සරසවි බිමේ ඇය පියනගනු ඇත. ගැලපීම නොගැලපීම අතර අතරමං වන ඔහු තම ආදරය ඇය වෙනුවෙන් පුද දෙයි..
 '' අප අතර මතකය දමනු මහවැලිය වෙත.... විඳ ගන්න සොඳුරියේ ඔබට හිමි ඒ දිවිය....."

මට මාද හිමි නැති...
නුඹව හිමි වේද මට...
නුඹට හිමි මට අහිමි
නුඹ යනෙන සරසවිය
කියා දෙවී නුඹට ජීවිතය, හිමි තැනද...



ගුලිකර මා මතකය
දමා මහවැලිය වෙත
පිය මනිනු මාවතේ..
නුඹට හිමි මට අහිමි.....




1 comment:

ඔයාලගෙ අදහසක් එකතු කරල යන්න....ආගන්තුකයට ඒක ගොඩක් වටිනව..........