Tuesday, August 24, 2010

ආගන්තුකයාගේ ආගමනය

මේ හැම දේකටම මම ආගන්තුකයි.... අම්මගෙ බඩෙන් මේ ලෝකෙට ආවහම මේ හැම දෙයක්ම ආගන්තුක උන මම ටික ටික ලෝකය හුරු කර ගන්න උත්සාහ කරන්න ඇති. හැබැයි මම අදටත් මේ හැම දේකටම ආගන්තුකයි... ඉතින් මේ බ්ලොග් ලිවීමටත් අගන්තුක එක ආහන්නත් දෙයක්ද නේද?
හැබැයි මම සෑහෙන කාලෙක ඉදන් බ්ලොග් කියවන එක නම් කලා...ඉතින් මේ ආගන්තුකයටත් හිතුවිල්ලක් ආව තමන්ගෙම කියල බ්ලොග් එකක් පටන් ගන්න එහෙමත් නැත්තම් මටම කියල වේදිකාවක් හදා ගන්න.ඉතින් හරිම ලෙසියි, බ්ලොග් එකටත් නමක් නිකන්ම හම්බ උනා "ආගන්තුකයගෙ වේදිකාව" කියලම...හැබයි ඉතින් මේ බ්ලොග් ලිවිල්ල ගැන මළ පොතේ අකුරක් දන්නෙ නැතුව හිටපු මට මේ කෙරුවාව ගැන තනිකරම වගෙ කියල දීල මෙහෙව් එකක් හදල දුන්නෙ මගෙ අති ජාත මිත්‍රයෙක් වන "රන්සුර" බ්ලොග් අඩවිය කරන "රන්".
ඉතින් දෙයියනේ කියල නමෝ විත්තියෙන් පටන් ගත්ත මගෙ මේ වේදිකාවෙ ඉස් ඉස්සෙල්ලම නටන නාඩගමයි මේ....
දුකා කියන පරිනත බ්ලොග් කරුව තමන්ගෙ මුල් ලිපියෙන්ම කියල තියෙනව වගේම මමත් මගෙ ජීවිතේ ගොඩක් දෙවල් තියෙනව මහ ඉහලින් අරහෙම කරන්නම් මෙහෙම කරන්නම් කියල පටන් ගත්තු දේවල් මගදි නතර කරපුව...හරියට ඔහුගේම වචන වලින් කියනවනම් සෝඩ බෝතලේ කැඩුව වගෙ වැඩ තමා...
ඉතින් මේකටනම් එහෙම වෙන්න දෙන්නෙම නෑ කියලමයි පටන් ගන්නෙ..
ඉතින් මේ අගන්තුකයගෙ වේදිකාව ගැන කියනවනම්...මම අහල තියෙනව බොහොම ප්‍රසිද්ද කියමනක් ශේක්ෂ්පියර් කියපු ජීවිතය රඟ මඩලක් අපි එහි නළුවෝ වෙමු කියල...හැබැයි සමහර වෙලාවට ඒක මෙහෙම වෙනස් උනොත් හොදඉ කියලත්  කියලත් හිතිල තියෙනව.."ජීවිතය රඟ මඩලක් අපි එහි වේදිකාව වෙමු කියල....
ඉතින් කෙසේ හෝ වේවා මගෙම කියල බ්ලොග් එකකුත් පටන් ගත්තා..ඉතින් මේක ඉස්සරහට තව ලියන්න මට ඔයල හැමෝගෙම උදව් ඕන..මේ ආගන්තුකයගෙ ලිපියක් බලල හොඳ නම් හොඳයි කියල හරි හොඳ නැත්තම් නෑ කියල හරි වැඩක්ම නැත්තම් ආයෙ මේව ලියන්න එපා කියල හරි ඔයලගෙ අදහසක් එකතු කරල යන්න.... ඒක මට ශක්තියක්.......

ආගන්තුකයාගේ ආගමනය

මාගේ පළමු ලිපිය මෙසේ ඇරඹුන වගයි..