Thursday, February 17, 2011

මංඤ්ඤමා සමග බූන්දි.........

න්න කාලෙකට පස්සෙ ආගන්තුකයට වෙලාවක් හම්බ උනා බ්ලොග් එකේ කුනු දූවිලි එහෙම පිහලා.... පාට ටිකක් ගාල ගන්න.
පහුගිය දවස් ටිකෙම සිද්ද උනේ හිත් සතුටු වෙන්න පුලුවන් දේවල් නෙමේ.ඒත් ඒ හැම දෙයක්ම අමතක වෙන්නත් එක්ක පොඩ්ඩක් විතර හිනා යන කතාවක් ලියන්න හිතුනා...හැබැයි මේකට මට හිනා ගියාට ඔයාලට නම් හිනා යයි ද කියන්න දන්නෙ නෑ. හැබැයි ටිකක් ට්‍රයි කලොත් නම් හිනා යයි.


මේ කතාව අපේ බැජ් එකේ සගයෙක් ගැනයි කියන්න යන්නෙ.. හැබයි එක දෙයක්.. මම හිතන්නෙ කතාව කියන්න ඉස්සරල කතාවට ඉස්සරල අපේ කතා නායකයා ගැන පොඩි පෙරෙවදනක් දුන්නොත් හොඳයි කියල හිතුන... පොරට අපේ බැජ් එකේ හැමෝම කියන්නෙ මංඤ්ඤමා කියල.. හැබැයි ඒ මොකක් වත් හින්ද නෙමෙයි අපේ  සින්නො දාපු කාඩ් එක ඒක හින්ද...
තව දෙයක්.. අපේ මංඤ්ඤමා සම්බන්ද කතා ගැන කල්පනා කරල බලනකොටනම් කාඩ් එක හරියටම හරි කියලත් හිතෙනවා...
අපේ බැජ් එකේ උන් මංඤ්ඤමා සම්බන්ද අලුත් කතාවක් ආරංචි උනොත් ඒකට දැන් කියන්න පුරුදු වෙලා ඉන්නෙ මංඤ්ඤමාගෙ අප්ඩේට් එකක් කියලා...මේකත් කියන්න ඕන අපේ මේ අහිංසක මංඤ්ඤමා සම්බන්ද කතා වලින් බාගයක්ම ඌට වෙච්ච ඒවත් නෙමේ...ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ බැජ් එකේ වසවර්තියො අනිත් උන්ට වෙන ඒවත් මංඤ්ඤමාගෙ account එකටම දානවනෙ... එතකොට වෙන්නෙ ඉතින් අහිංසක මංඤ්ඤමාගෙ අප්ඩේට් සංඛයාව අධික ලෙස ඉහල යන එකයි....


අපේ මංඤ්ඤමා කොහොමත් එච්චර කතා කරන්නෙ නෑ එක උගෙ හැටි හැබැයි කතා කරන්න ගත්තොත් නම් නවත්තන්නෙත් නෑ ලු...
ඔන්න ඉතින් නිමාඩු දවසක් අල්ලල අපේ මංඤ්ඤමා උගෙ ගෑනු ලමයව හම්බ වෙන්න දාගත්තලු... එත් යන්නෙ කොහෙද කියල කතා කෙරුවහම අපේ මංඤ්ඤමාගෙ ගැහැනු දරුව කියන්නෙම Galle faceයමු කියලමලු.. පොර නම් Galle face යන්න කැමතිම නැහැලු...කට්ට අව්වෙ කර වෙවී එන්න එක පොරට අප්පිරියයි....


ගෑනු දරුවට බෑ කියන්නත් බැරි හින්ද පොර යන්න කැමති උනාලු.... ඉතින් දෙන්න ගිහිල්ල කුඩේකුත් ඉහලගෙන චැට් එකකුත් දාගෙන ඉන්නවලු....කෙල්ලට ඉතින් ගොඩක් සන්තෝසයි ...ඉතින් එක එක දේවල් කියවනවලු...දෙන්නගෙ plans  ගැන... ඉතිං හදන ගේ ගැන. ගෙට තියෙන්න ඔන අයිටම් ගැන... වෙඩින් එක ගැන ..වෙඩින් එක ගන්න ඕන විදිහ ගැන වගේ දේවල් ගැන කියවනවලු....එත් අපේ මංඤ්ඤමා නෝ කතාලු... බැරිම තැන ගැහැනු දරුව කිව්වලු අනේ ඔයත් ඔයා කැමති දේවල් ගැන කියන්න කියල...
අපේ මංඤ්ඤමා ටිකක් ඉඳල ඉඳල කිව්වලු බූන්දි කියල....




අපේ මංඤ්ඤමාගෙ කතා දිගටම ලියන්නයි කල්පනාව...මඩ ගහන එක එච්චර හොඳ වැඩක් නෙමේ උනත් ටිකක් හිනා උනාට පව් නෑනෙ.. අනික අපේ මංඤ්ඤමා දන්නෙ නෑ මේ ගැන...එතකොට අවුලකුත් නෑනෙ... මේ ගැන ඔයාලගෙත් අදහස් තියෙනවනම් එකතු කරන්න.. සතුටින් බාර ගන්නවා......