Wednesday, August 25, 2010

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල......

ඉතිං දෙයියනෙ කියල ලියපු මුල්ම ලිපි කෑල්ල ගැන මාර සන්තෝසයක් ආවෙ... ඉතිං ඊයෙ බ්ලොග් ලියන්න ගත්තු ආගන්තුකයා අදත් එකක් කියනව කියල හිතා ගත්තා..,
ලියන්න නම් එක එක ජාති හිතට ආවට මෙදා සැරේ මොනාද ලියන්නෙ  කියල කල්පනා කලා....  මීට ටික දවසකට ඉස්සරල අන්තර්ජාලයෙ දැක්ක පුදුමාකාර ඒ එක්කම වචනයෙන් විස්තර කරන්න බැරි පින්තූර ටිකක් මතක් උනේ අහම්බෙන්...

මේ ජායරූප වල ලොකු කතාවක් තියෙනවා...මේ පින්තූර සියල්ලම වගේ ලෝකප්‍රසිද්ද ඒව.... මේ හැම එකක්ම ලෝක ඉතිහාසයෙ එක එක පරිච්චේද උපුටා දක්වනව කියලයි ආගන්තුකයගෙ හැඟීම...හැබැයි එක දෙයක් කියන්න ඕන මේව ගත්ත පුද්ගලයො කවුරු උනත් ඒ සංවේදී හදවත් ඇත්තවුන්ට වචන දාහකින් කියන්න බැරි කතාවක් එක පින්තූරයකින් කියන්න පුලුවන් වෙලා තියෙනව...





මම හිතන්නෙ ගොඩක් අය මේ පින්තූරෙ කවද හරි දැකල ඇති...යුද්ධයෙ කුරිරු කම මේ ලෝකෙටම කෑගහල කියන්න යොදා ගන්න පුලුවන් පින්තුරයක් මේ...
1972 ජුනි මාසෙ 8 වෙනිද... දකුනු වියට්නමෙ ට්‍රන්ග් බෑන්ග් කියන ප්‍රදේශයේදි ගත්ත පින්තුරයක්..
වියට්නමය හා ඇමෙරිකාව අතර ඇවිලුනු යුද්ධයෙ ප්‍රතිපල විදිහට ගුවන් ප්‍රහරයකට මුහුන දී පන බේරා ගන්න දුවන වියට්නාම් ජාතික 9 වියැති Phan Thị Kim Phúc  නැමැති දැරියයි....ඇය මේ නිරුවතින් දිව යන්නේ ගින්නෙන් දැවී ගිය තම පිට ප්‍රදෙශයේ වේදනව උහුලන්නට බැරිවය...

යුද්ධය කාගෙ කුමන අවශ්‍යතවයකට කලත් එහි ප්‍රතිඵල අත් විදින්නෙ ඔවුන් පමනක් නොවේ....වසර ගනණාවක් තිස්සේ අපේ මේ ලංකාවෙත් කොච්චර පොඩි උන් දුක් විදින්න ඇතිද...හැබැයි මේක ගැන ටිකක් හොයල බලද්දි ආගන්තුකයට හම්බ උන ඊට පස්සෙ ගහපු ඒව වගේකුත්... ඒ වේදනාව ඒ ඒ පුංචි කෙල්ල කොහොම දරන්න ඇතිද...



ඇයි ඒකම රක්ත වර්ණ රුධිරය තියෙන එකම වගේ ඇට ලේ මස් නහර වලින් හැදිල ඉන්න තමන් බුද්ධිමත් කියල කියගන්න මේ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැරි...



අපි මේ ලෝකෙ ජීවත් වෙන පුංචි කාල සීමාව තුල ආත්මාර්ථය එලවා සැම එකෙකු ලෙසින් සිතන දවසට මේ ලොව කොච්චර ලස්සන වෙයිද....

මක්නිසාදයත් මේ වේදිකාවේ අපිට හැමදාම රඟපාන්න අවස්ථාවක් නැති හෙයිනි........
එනම් අප සදාකාලික පුද්ගලයෝ නොවන්නෙමු...



ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල......
කඳුල සුසුම කුමකටදෝ....
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු...
හෙටින් උදා වන ලෝකය හැමටම සුව දායක කරමු....

තව තියෙනවා...... (හැබැයි වෙන දවසක....)