Wednesday, September 15, 2010

ඔන්න ආයෙත් මේ මමමයි............

නේ මන්ද .. මම ඉතින් බක පන්ඩිතය වගේ බ්ලොග් එකක් ලියන්න ගත්තට දෙයියනේ කියල බ්ලොග් 2මයි ලියන්න පුලුවන් උනේ...පහුගිය දවස් ටිකේ දිගටම වැඩ තිබ්බා.. බෝඩිමේ හිට්යත් වැඩ.... ගෙදර ආවාම ඊටත් වඩා වැඩ...
ආ මෙ ආගන්තුකයගෙ ආගමනයෙන් පස්සෙ ලිවුව පෝස්ට් එක බලන්න ඕනනම් මෙතනින් යන්න
අදත් මට හම්බ වෙච්ච නිමාඩුවක් නෙමේ මේක දෙයියො දුන්න නිමාඩුවක්..
ආ වැඩ කිව්වට මම තාම ජොබ් එකක් නම් කරන්නෙ නෑ.... මම කොළඹ පලාතේ තියෙන විශ්ව විද්‍යලයක තාම ඉගන ගන්නවා... හැබැයි මේ දවස් වල අපිව ට්‍රේනින් දල තියෙන්නෙ...ඉතිං දන්න කියන තැන හින්ද මුලින් හිටිය බෝඩිමේ ඉදලම තමයි උදේ හවස යන්නෙ එන්නෙ...කැම්පස් එකෙ නම නම් කියන්න බැරි කමක් නෑ ඒ....ත්....
දවසක ඒ ගැන කියන්නම්..ඉතින් මොනා උනත් අපේ ගම් පලාත කොලොම්පුරෙන් ටිකක් විතර දුර හින්ද..අපේ කැම්පස් එක ලගම බෝඩිමක් තෝර ගත්තෙ.....මම මේ දැන් ට්‍රේනින් ඉන්න තැන ගංඟාරාමෙ කිට්ටුව තියෙන බොහොම ප්‍රසිද්ද රාජ්‍ය ආයතනයක්...ඒත් උදේ බොඩිම ලඟ ඉදල කෙලින්ම එතනට බස් එකක් ගන්න බෑ...මුලින්ම බෝඩිම ලගින් බස් එකට නැගල රුපියල් 6ක් දීල ප්‍රධාන පාරට එන්න ඕන...
හැබැයි පොඩි ඇත්තකුත් කියන්න ඕන ඔය කියන රුපියල් 6නම් ඉතිං අපේ දන්න කියන හමෝම දෙන්නෙ කලාතුරකින් තමා...මොකද මෙ ගෝලීයකරනයත් එක්ක එන භාන්ඩ මිලෙහි උච්චාවචනයත් එක්ක එන ආර්ථික අවපාතය කාට නැතත් මුලින්ම මෙ අහිංසක අපිට තදට දැනෙන නිසත් ඒ මොකද්ද එක බස් කාරයට දනෙනව කියල හිතෙන්නෙ නැති හින්ද විතරක් නම් නෙමෙයි..ඔය මොන කෙහෙල්මලක් තිබුනත් නැතත් බස් එකෙ කොනදොස්තර අයියල... නැගපු වෙලෙ ඉදන් පොල් පටෝල ප්‍රැක්ටිස් එකට ෆුට්බෝඩ් එකෙ හිටියොත් උඩට නගින්න කියනවයි.. පිටිපස්සෙ දොරෙන් නැගල හිටියොත් ඉස්සරහට යන්න කියනවා.., ඉස්සරහ දොරෙන් නැගල හිටියොත් පිටිපස්සට යන්න කියනව.. කොහෙටවත් නැතුව මැදට වෙලා හිටියොත් මේ යකා එක්කො අනිත් පැත්ත හැරෙන්නවත් කියනව...ඉති මූත් එක්ක තියෙන තරහටමයි දෙන්නෙ නැතුව යන්නෙ  



තව එකක් මේ පාරෙ බස් එකකට උදේ 7ට විතර නගින්නත සෑහෙන ගේමක් දෙන්න ඕන...
ඉතින් මේ අහිංසක ආගන්තුකයත් උදේ පාන්දර 6.30ට විතර නැගිටලා ලක ලෑස්ති එහෙම වෙලා මගෙ තියෙන ජීවන සුවද බෝතලෙන් ටිකක් ඇඟට එහෙම හලාගෙන පාරට ආව...
අනේ මගෙ වාසනාවටදෝ අවාසනාවටදෝ මන්ද අර කියන බස් එකකුත් ඒ වෙලෙම කඩා පාත් උනා...ඉතින් පොඩි කාලෙ අම්ම ගහන්න එලවනකොට ගේ වටේ දුවල තියෙන ප්‍රැක්ටිස් එකට මාත් දුවල ගිහින් බස් එකේ එල්ලුන.. හුටා කකුල විතරයි තියාගන්න හම්බ උනේ, පස්වාන් දහසකට බුදු වෙන අපෙ බස් එකෙ ඩ්‍රයිවර් අයිය මට අතින් මොනව හරි බාර් එකක් අල්ලගෙන බැලන්ස් 
වෙන්න ඉස්සරල බස් එක ඇද්දුව...
ට ඉතින් මොන දේ උනත් පොඩි කාලෙ ඉඳන්ම හැම දෙයක්ම හරකට වගෙ තේරෙනව.. හරියට තාලෙට උම්බෑ කියාගන්න  බැරි උනාට... ඉතිං මට තෙරුනා මේක හරි යන්නෙ නෑ මෙහෙම ගියොත් බස් එකෙන් වැටිල මැරෙන්නෙ වෙන්නෙ ඒක හින්ද පැනලම මැරෙනව කියල හිතාගෙන පැන්න ෆුට්බෝඩ් එකෙන්..
දෙයියන්ගෙ පිහිටෙන් බිමටම වැටුනෙනම් නෑ.. වැඩ දන්න හින්ද බැලන්ස් එකෙ කෙලින් හිටියට කකුලෙ වලලුකරනම් හොදටම ඇඹරුනා කියල තේරුනා...
තිං මගෙ දුක දැකල ඩ්‍රයිවෙර් අයිය බස් එක නැවැතුව කියමුකො.. මම අයෙ ගිහින් එල්ලිල ඔෆිස් එකටත් ආව..කොහොම හරි කකුල ඉදිමෙන්න ගත්ත හින්ද නවතින්න උනේ හදිසි අනතුරු වට්ටුවේ...
කොහොම හරි කොර ගගහ ගිහිල්ල හිටිය දොස්තර නෝනට පෙන්නුවම චිට් එකක් ලියල කිව්වා x-ray අරන් එන්න කියල එතන පෝලිම...
ඉතින් මත් එක්ක ගිය මගෙ යාළුවා (උගෙ කාඩ් එක මල්සරා) ඌ මට එක එක කෙබ්බ අත අරිනව..උබේ කකුලෙ හැටියටනම් දවස් 2ක් 3ක් ම මෙහෙ නවත්ත ගනියි කියල එක එක විකාර කියවනව මූ මාව බය කරන්න........කොහොමම හරි රිපෝට් එකත් අරගෙන ගිහාම එතන ඉන්නෙ වෙන ලේඩි ඩොක්ටර් කෙනෙක්..
එතුමිය රිපොට් එක බලල කියනවා....
"අපෝ මෙයා බොරුවට නොන්ඩි ගැහුවට කකුල කැඩිලවත් නෑනෙ...."

මට ඉතින්................................................................................................................

මට තියෙන වේදනාව මම විතරයි දන්නෙ.....

ඉතින් කොහොම කොහොම හරි ගෙදරට පාත් උනේ නම් ඔහොමයි.....





ඒ විතරක් නම් මදැයි........

බස් එකෙන් වැටුන ගොනාට අම්ම ඇනපි කිව්ව වගේ අපේ අම්මා මගෙ ආහාර සලාකෙත් කප්පාදු කෙරුවෙ නැතැයි මගෙ ඇඟ බර වැඩියි කියලා.............

4 comments:

  1. හ්ම්ම්..... ඔයින් ගියා ඇති..... පාරෙ කෙල්ලෙක්වත් ගියාද, බස් එකෙන් පැන්නෙ?

    ReplyDelete
  2. @ රන් - පිස්සුද බොල...

    ReplyDelete
  3. මොනදේ උනත් අම්ම ගත්ත තීරණය හරි....

    ReplyDelete

ඔයාලගෙ අදහසක් එකතු කරල යන්න....ආගන්තුකයට ඒක ගොඩක් වටිනව..........