Friday, November 5, 2010

කොට්ටං සමග පුංචි අපේ ළමා විය....

පි පුංචි උන් කාලේ අපිට ඕන උනේ ඉක්මනට ලොකු වෙන්න.......එතකොට ඉස්කෝලෙ යන්න ඕන වෙන්නෙ නෑනෙ...සෙනසුරාදයි ඉරිදයි දවස් දෙකම ගෙදරට වෙලා ඉදල සඳුද උදේට ඉස්කොලෙ යනව කියන්නෙ මරනව වගේ තමා...
කොහොම කොහොම හරි අපි ලොකු උනා කියමුකො...ඉස්සර ලොකු වෙන්න හීන දැකපු අපි, ලොකු උනාට පස්සෙ හීනෙන්වත් ආපහු පුංචි කාලෙට යන්න තියෙනවනම් කියලා හූල්ලනවා...එත් පොඩි කාලෙදි ලොකු වෙන දැකපු හීනෙ හැබෑ උනාට ආපහු ඒ කාලෙට යන්න තියෙන හීනෙ නම් හැබෑ වෙන්නෙ නෑ කියල හිතුනහම පුදුම දුකක් දැනෙන්නෙ...
ට මේ ගැන මතක් උනෙ රන් දාල තියෙන පෝස්ට් එකක් දැකල... ඇත්තටම ගොඩාක් සතුටු වෙන්න පුලුවන් ළමා කාලයක් මට තිබුනා.... ඒකයි මම තාමත් මගේ ඒ බාල කාලයට තාමත් ආදරේ... අපේ පාසල අංශ 2කට තිබුනෙ.. පාරෙන් එහා පැත්ත්ට ඒ කාලෙ අපි කිව්වෙ ලොකු පැත්ත කියලා... අපි ඉතින් පොඩි පැත්තෙනෙ... ඉතින් හැමදාම අපේ හීනය තමා කොහොම හරි පාරෙන් එහා පැත්තට පැත්තට පැන ගන්න එක... ඒත් ඒකටත් ඉතින් 6 වසර වෙනකන් ඉන්න එපැයි....


තින් ඒ අපේ පොඩි පැත්තෙ තිබුන ලොකුම ලොකු කොට්ටන් ගහක්.. හරියටම තිබුනෙ අපේ ප්‍රාථමික අංශය මැද්දටම වගෙ...අපේ පාසල් මතකයන් ගොඩක් හරිම අපූරුවට මේ කොට්ටං ගහත් එක්ක බැඳිල තිබුනා.. අපේ පුංචි කමට කරපු හැම සෙල්ලමකටම මේ ගහ අපිත් එක්ක හිටියා...
ගස් පුච්චන්න ගියත් (සමහරු මේකට කුට්ටි කියලත් කියනවා), ක්‍රිකට් ගහන්න ගියත් මේ හැම දෙයක්ම කලේ මේක වටේම තමා..
පිට ඒකාලෙ බෝල ඉස්කෝලෙ ගේන්න තහනම්..අහු උනොත් බෝලෙ ලොකු සර් ගන්නවා..(ලොකු සර් කිව්වෙ පොඩි පැත්තට හිටපු ප්‍රින්සිපල්)ඒත් කොහොම කොහොම හරි අපි ක්‍රිකට් ගැහුවා... බෝලෙට ගත්තෙ ලේන්සුවකට ගැට 10ක් විතර දාල ..බැට් එක පැන්සල් පෙට්ටිය...

ක වෙලවකට හිතෙනව අපෙන් ඒ ළමා කාලය කවුරු හරි හොරකං කලාවත්ද කියලත්...හැමදාම පොඩි එකෙක් වෙලා ඉන්න තිබුනනම්.....
ක කාලෙකට මේ කොට්ටන් ගහේ කොල සේරම හැලෙනව..
ඒකත් අපිට මරු සෙල්ලම....ගහේ මුදුනෙම අත්තකින් ගැලවිලා හුලඟෙ පා වෙවි වැටෙන කොට්ටන් කොල අල්ලගන්න අපි පොරකන හැටි මැවිල පේනවා....
පුංචි අපිට ඒ සන්දියෙ ජීවිතතය ගැන නොතේරුන ගොඩක් ලොකු පාඩමක් කියල දෙමින් කොට්ටන් ගහේ කොළ වැටිල ඉවර වෙලා ගහ ආයෙත් දලු දාලා ගෙඩි හටගන්නව...

ඒ කාලෙටත් අපිට ගොඩක් වැඩ...කොට්ටන් එකතු කරගෙන කට්ටිය තරඟෙට කොට්ටන් තල තල කනවා... හරිම සරලයි ඒත් හරිම සුන්දරයි...
ත් මේ අපි හැම වෙලෙම උත්සාහ කරන්නෙ ඒ සරල කම තුල දිවි ගෙවන්න නම් නෙමේ... තව තවත් සංකීර්ණ වෙන්න ඒ ඇයි කියන්න්න නම් තේරෙන්නෙ නෑ එත් මිනිස්සුන්ගෙ හැටි එහෙම වෙන්න ඇති අපේ කැම්පස් එකෙත් කොට්ටන් ගස් තියෙනව අපේ batch meeting එකක් වෙලාවෙ මමත් කොට්ටන් 10ක් 12ක් එකතු කරගෙන තලන්න පටන් ගත්තාම අපේ උන් මා දිහා බැලුවෙ මාව මීට ඉස්සරල දැකලම නෑ වගෙ.. කොහොම හරි 2ක් 3ක් තලාගෙන එනකොට එක ඩෙන්න මාව වටකර ගත්තෙ උනුත් ඒකෙ රහ දන්න හින්දමයි කියල මට හිතුන...
(මේක කියවන කාට හරි කොට්ටන් කන්න හිතුනොත් තලාගන්න විදිහකුත් නැත්තම් කොටුවෙ SlT එක ඉස්සරහ පාරෙන් එහාපැත්තෙ පේමන්ට් එකෙන් Lake House එක පැත්තට යද්දි පොඩි බංකුවක් තියාගෙන වයසක අන්කල් කෙනෙක් කොට්ටන් තලල විකුනනව...මම නම් දවස් 4 ක් 5ක්ම අරගෙන තියෙනව....
හැබැයි ලගදි නම් දැක්කෙ නෑ)
කොහොම හරි ලොකු පැත්තට ගිය අපිට ටික ටික පොඩි පැත්ත අමතක උනා.....අර අපිත් එක්ක හැමදමත් හිටිය කොට්ටන් ගහත් එක්කම....

මම මීට අවුරුදු 2කට විතර ඉස්සරල ඉස්කෝලෙට ගිය වෙලාවෙ පොඩි පැත්තටත් ගොඩ උනා......
අනේ ඒ  අපිත් එක්ක හැමදාම හිටිය කොට්ටන් ගහ එතන තිබුනෙ නෑ... ගහේ මුල විතරයි ඉතිරි වෙලා තිබුනෙ...............

6 comments:

  1. මගේ පාසල් කලේ අවසන් වෙලා වෙන්ව යන මොහොතෙ අපි කගෙත් සමරු පොත් වල ලියැවුනු වැකියක් මම මෙතනට එකතු කරන්නම්.......
    සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට බලිකාවේ සුවද තනි වෙලා
    අපි එතින් වෙන්නව යමු අපි අතින් ගිලිහි ගිය සියලු දේ අතීතෙට පවරලා......

    ජීවිතය ලස්සන දවස් මතක් වෙන්න සටහනක් තිබ්බ ආගන්තුකයට බොහොම ස්තුතියි.......!!

    ReplyDelete
  2. සාමල අමරල පොත් තුල තව ඇත...
    එන එන අය හා යාලු වෙතේ....

    ඇත්තට ම සහොදරී අපිට අපේ ඒ කුඩා කාලය ටිකෙන් ටික අහිමි උනත් අපෙන් පස්සෙ එන පොඩි උන් අපේම පන්තියෙ අපි ඉඳගෙන හිටපු විදිහටම ඉන්නවා දකිද්දි ටිකක් ඉරිසියා හිතුනත් උන් අපි වගේම උන්ගෙ ළමා කාලය විඳිනව දකිද්දි ඇත්තටම සතුටුයි... ඒත් ඒ අපේ මතකයන් ඉතිරි වෙලා තියෙන්නෙ අපේ හිත් වල විතරක් කියල දැනුනම කියා ගන්න බැරි දුකක් දැනෙන එක අසාධාරනයිද?

    ReplyDelete
  3. මගේ පාසල් ජිව්තයේ කොට්ටම්බා ගහක් නොතිබ්බත් ඔබ ලිපියෙන් මගේ පාසල් මතකයන් අවදිවිය. එදා අපට නුවන පෑදවු සර්ලා මැඩම්ලා පාසලෙන් ගියබව ඇසෙනවිට ඇතිවන දුක කොට්ටම්බා ගහ මෙන් දහස් වාරයකි. එදා අපිට දඩුවම් කරද්දි ඇති වු තරහත් අද ඇතිවන සතුටත් අත්දකිමි
    ආගන්තුකයා ඔබට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  4. :) මම 5 වසරට වෙනකම් ගිය ඉස්කෝලෙත් කොට්ටම්බා ගස් යායක් ම තිබ්බා.
    තාම ඒ ගස් එහෙම්ම තියනවා ..
    හැබැයි අපි එදා වගේ නෑ..

    ReplyDelete
  5. දැන් පිස්සු හැදෙනව බං ඒ කාලෙ මතක් වෙනකොට.මටනම් හැබැයි තාමත් ස්කෝලෙ දිහා බල,බලා ඉන්න පුලුවන්.ගේ ලඟ තියන හින්ද.සංකීර්ණ වෙන්නෙ නැතුව හැමදාම ඒ විදියට ඉන්න තිබුනනම්........!!!

    ReplyDelete

ඔයාලගෙ අදහසක් එකතු කරල යන්න....ආගන්තුකයට ඒක ගොඩක් වටිනව..........